බලු රාලලාගේ කතා.
බලු රාළලාට බල්ලන් කියා කියන්නට මට හිතෙන්නේ නැත. මන්ද ඔවුන් බොහෝ මිනිසුන්ට වඩා හොඳ නිසාය.මිනිසුන්ට හෝ ගෑනුන්ට දිගින් දිගට උදව් කර එක වරක් හෝ උදව් කිරීමට නොහැකි වුවහොත් අමනාප වනවා පමණක් නොව නැති තැන අවලාද නැගීමට පවා පසුබට වන්නේ නැත.1971 දී විනාශවූ ජනතා විමුක්ති පෙරමුණ, හිර ගෙදරින් නැවත නැවත පැන අවුත් රහසිගතව ගොඩ නැගු , එමෙන්ම ජවිපෙ විමුක්ති ගී ප්රසංගයේ නිර්මාතෘ අනුරාධපුරයේ මාරසිංහ සහෝදරයා 1988 දී ජවිපෙ විසින්ම මහමගදී වෙඩි තබා ඝාතනය කිරීම මිනිස්සුන්ගේ හැටි කියා පාන උදාහරණයකි. එහෙත් බලු රාල කෙනෙකුට විස්කෝතුවක් එක දිනක් පමණක් දුන්නත් ඔහු මිය යන දිනය දක්වාම අර තැනැත්තාට කෘතඥ තාවය පළකරයි.
අද දින එක් බලු රාල කෙනෙකුගේ කතාවක් මට අසන්නට ලැබිණ.අනුරාධපුරයේ සාලිය පුර ප්රදේශයේ ඇතිදැඩි කළ මේ බලු රාල වතුරට ඉතා අකමැතිය. දිනක් බලු රාලගේ අයිතිකරු මට මේ කතාව කි අය සමග ඇලකට නාන්නට ගියේ බලු සුරතලාවත් රැගෙනය. පළමුව ඔහුව නාවා ඉවුර මත තබා අයිතිකරු නාන්නට පටන් ගත් අතර විහිලුවට දියේ ගිලෙන අයුරු රඟ පෑවේය.මේ දුටු බලු රාල කලබලවී කැ ගසන්නට වූ අතර ඉන්පසු අසල සිටි එළදෙනක් වෙත දිව ගොස් සිදුවන්නට යන විපත්තියෙන් තම ස්වාමියා බෙර ගන්නා ලෙස බලු භාෂාවෙන් ආයාචනා කර සිටියේය.එහෙත් එළදෙන එය ගනන් ගත්තේ නැත. ඉන්පසු කර කියා ගන්නට දෙයක් නැති වුයෙන් ජලයට ඉතා අකමැති මේ බලු රාළ වතුරට පැන ස්වාමියා ලඟට පීනා ගියේය. ඔහුගේ අයිති කරුද තව දුරටත් රඟපෑම කරමින් බලු රාලගේ කරමත යන්තමින් අත තබා ගත්තේය. එවිට මේ බලුරාළ ඔහු සමග පිහිනා ගෙන ඇලේ ඉවුරට ආවේය.
එහෙත් එයට මාස දෙක තුනකට පසු මේ බලු රාළ කිසියම් කණ්ඩායමක් විසින් මරා දමා තිබිණ. එයට හේතුව වුයේ රාත්රී කාලයේ එහෙ මෙහෙ යන පිරිසකට මොහුගේ බිරීම කරදරයක් වී තිබීම නිසාය.
No comments:
Post a Comment